Friday, 22 May 2015

පුදන්නට තරම් කුසුමක්


නෙතින් පිය වසා නෙත තෙත
දෙකම්මුල් දිගේ වැගිරෙන
ගලන්නාවූ සිතිවිලි ගඟ
තුලම යයි ගිලී............


පෙමින් මහරු වූ සෙනෙහස
පුදන්නට තරම් කුසුමක්
වගේ දැනුනු හින්දද හද 
ගිලන් වී ගියේ.........

නමින් පෙමට හද බැතියෙන්
යහන් තලා වූ පමණින්
නැසෙන්නාවු පිවිතුරු බව
මරණයක් වගේ.....

වහන් වී සිටින්නට ලොව
ඉතින් කිමද හැකි වෙද හෙට
නොදන්නාවූ සෙනෙහස ගිනි
චිතකයකත් වගේ...

No comments:

Post a Comment