Friday, 22 May 2015

ඔබ පාන සිනා


ඔබ පාන සිනා කවුළු දොරින්
කුමක් කියාවී.....
සඳ පාන කියා පෙනෙන හෙයින්
සිත පැටලේවී...


මඳ සුළගට කෙහෙ රැල්ලක් නළල සිඹීවී..
හද පතුලෙන් එන සිතිවිල්ලම නුඹව තනාවී
දසන් දෙපල මුතු ඇට යැයි සිත මුරගාවී
මුතු කැට ඇමුනුව තොන්ඩුවකට ගෙල සිරවේවී...

ලපළු ලතා මන්ඩපයක යහන තනාවී
ඒ යහන වටා තරු කැට ගෙන වියන් තනාවී
නුඹත් සමග වැතිරී මධුසමය ගෙවේවී
ඒ යහනාවම අවසන් මර නින්ද ගෙනේවී....

No comments:

Post a Comment