Friday, 22 May 2015

හෙන්දිරික්කා මල හැන්දෑවේ..



මළහිරු එක්කම මිය ඇදෙනා
හෙන්දිරික්ක මල ඉකිබින්දා
මන්දහාසය දුකක් වන විට
කඳුල මිහිරියි නුඹ තරම්.........


දෝතට ගනු බැරි අනෝතප්ත පැන්
ඇඟිලි තුඩු අගින් බිම වැටුනා
දෙපයට පෑගෙන විසිරුනු පෙතිමත
ඉර මුසු අළුයම පිනි වැටුනා.....
කොහොමද ආයේ පීදෙන්නේ
හෙන්දිරික්කා මල හැන්දෑවේ.....

රෑ මණමාලී මලින් පිරුනු ගහ
තරුකැට එළියට ගැබ්බර වී
විසිරුනු සළුපිළි සඟවා ගනු බැහැ
ඉරබටු තරුවත් පායාවී.....
කොහොමද ආයේ හීන දකින්නේ
නිදි දුරු දෑසට තව ලංවී...

No comments:

Post a Comment