Friday, 22 May 2015

තත් සින්ද තත් බින්ද වීණාව ඔබ ......


තත් බිඳුනු වීණාව නොව
තත් සින්ද වීණාව ඔබ
නැගෙන තත් හඬ පරදවා 
දිව්‍ය වෙන නද අරභයා.......
තත් සින්ද තත් බින්ද වීණාව ඔබ ......


සකුණ වෙස් ගෙන පියඹනා
මේ කුළක සැඟවිලා
පූතිලතා වෙන් මිදුනු 
හස්තියකු වෙස උපදවා
තත් සින්ද තත් බින්ද වීණාව ඔබ......

සිහින පණ්සිළු තවම නැති මුත්
සදා නින්දක දැවටිලා
ලෝකයේ තනු දවා දමමින්
සිහින තනුවක පැටලිලා
තත් සින්ද තත් බින්ද වීණාව ඔබ....

1 comment:

  1. .
    මූසිල පරපුරෙන්
    පැවතෙන
    අහිංසක මුත්
    වියරුවම පෙන්වන
    නුඹට නෑසෙන්න
    මිහිරි ගී තනු නුඹ නමින්
    වයන....
    තත් නොසිඳි
    වීණාව ... මම.....

    ReplyDelete