Friday, 22 May 2015

කුමට ඉතින් මරු නොඑයි සිතා...


පවනට සැලි සැලි
ඈතට යන විට
පිපි මල් පෙති සුවඳයි...

හවසට නැමි නැමි
අතු අග පරවෙන
ඒ මල් සිත පාරයි....
ජීවන ගමනක සටහන් දැක දැක
කුමට සුවඳ පතනෙමි.....

සිතින් අරා රජ විමන් සදා
සී මැදුරෙන් මුදු බැලුම් හෙලා..
වට කොට ඇතිරූ ගොදුරු දැලක වැද
රොණට ඇදෙන සමනළෙකු වෙලා
කුමට ඉතින් විෂ කටු දවටා.....

විතක් පුරා මධු මුවින් උරා
ගත ඇවිලෙන ගිනි දළුව නිවා
වටකොට සැකසූ ගොදුරු බිමක ලැග
සැනකෙළියක සිරි සැපෙන් නිදා
කුමට ඉතින් මරු නොඑයි සිතා...

No comments:

Post a Comment