Tuesday, 7 April 2015

ආයෙත් බැහැ

ආයෙත් තෙමෙන්නට බැහැ
මුරුගසං වරුසාවෙ
තියුනු සැත් වලින් සිඳ ගෙල
කවන්ධය වී ඉන්න....


ආයෙත් නටන්නට බැහැ
වයන පදයට අනුව
ගැට ගැසූ හුය අනුව නැටවෙන
හිත්පිත් නැති රුවක් වෙන්න

ආයෙත් හඬන්නට බැහැ
නෙත් කෙවෙනි රිදවන්න
ඇසෙන හඬ අරභයා
සිතිවිලි ටිකක් ගැටලන්න...

ආයෙත් මියෙන්නට බැහැ
සොහොන් කොත් තර කරන
වට කරගෙන පුදන්නට හදන
ජීවිතය ගැන ලොබ කරන

No comments:

Post a Comment