Tuesday, 7 April 2015

මහාමෙරත් ඉකිබින්දා


මඳ පවණක් දෝත දරා
මාරුතයක් පැතූ නිසා
මගේ පැතුම් දිහා බලා 
අහස් ගව්ව සිනාසුනා...


දුක පමණක් ලඟින් තියා
අතීතයෙහි උන්නු නිසා
මේ සා දුක් ගොන්න බලා
මහාමෙරත් ඉකිබින්දා....

රෑන් පිටින් මතුවෙන මෙරු
මතුවු සැනින් මිය යනකොට
ගෙවෙන ගෙවෙන මේ මොහොතට
කුමක් ගනිමි වැරෙන් බදා....

No comments:

Post a Comment