Tuesday, 7 April 2015

නුඹව සෙව්වෙමි



ගඟ දියෙහි යන 
නුඹව දැක මා උමතුවෙන්...
දියට පැන වැද
නුඹව සෙව්වෙමි..........


දියෙහි මතුපිට
නුඹ නොසිටියට
දියෙහි ගිලෙමින්
තිබුනි සඳ වත............

අහස මැද හුන්
අවපසේ සඳ දැක මා උමතුවෙන්
දෑස ලොකු කර
සඳම සෙව්වෙමි...
අහසේ කොහෙවත්
සඳ නොසිටියට
රැයෙහි ගිලෙනා
නුඹව දුටුවෙමි.

                                                 

No comments:

Post a Comment