Tuesday, 7 April 2015

රාත්‍රිය දුටිමි මම


රාත්‍රිය දුටිමි මම 
පහන් සිළුවක දැවෙන
හිමිදිරිය එළැඹි කල
පිනි බිඳුවක නිදන.....


වාන් හල වැව් තෙරක
මියෙන ඉපදෙන රළක
ඉකිගැසුම ඇසිමි මම
හීන් කෙඳිරියක ලෙස....

පහන්සිළුවක් සොයන
පළඟැටියකු ලෙසින
පිනි පොදක් දඟකරයි
හිරු කැල්මෙ මියයන්ට....

ඉපදුනොත් මියඇදෙන
එක් උනොත් වියෝ වන
ඇරඹුමෙහි තුලම ඇති
අවසන දිටිමි මම.....

1 comment: