Saturday, 4 April 2015

සුසුම් පවන් රැල් අතරින්


සුසුම් පවන් රැල් අතරින්
පහන්සිලක් සැලෙනවා
මන්දාකිණියේ ඈතට
ලතැවිල්ලක් නැගෙනවා


හෙලන සුසුම් තැවරුන තොල්
සෝ තනුවක් තනනවා
තනුවට නොලියුනු පදවැල්
හිස් අහසෙහි ලියනවා

නෙත් කෙවෙනිය තෙමෙන බවක්
රෑ සීතල පින්න ගලත්
සසරෙහි රුදු අරුත් පෙලක්
මිසක නොවෙයි ජීවිතයක්

1 comment: