Sunday, 8 March 2015

කිමද හිරු සඳු තරු නොඑන්නේ


බැස නොයන තෙක් හිරු දාවලයි
බැස ගියොත් හිරු ගොම්මනයි
සඳක සේයාවකුත් නොම ඇති
රැය අමාවක රාත්‍රියයි.....

කෙළිදෙලෙන් ගතවූ බාල විය
නිමා වූ කල වසත් සමයේ....
සිහින දැක දැක සුරන් නැලැවෙන
නඳුන් උයනක සරණවා....
දිවා මධ්‍යහ්නයෙහි හිරු සේ
ඔහේ මැදිවිය ගෙවෙනවා..
මරු සිනාසෙන දෑත ඔසවන
මහලු විය ලඟ දැවටෙනා......
කිමද හිරු සඳු තරු නොඑන්නේ
සදා දහවල නොරැකලා
බිළිඳු මුව කිරි දෙතන පුඩුවෙන්
මරනයෙහි රස උරනවා......

No comments:

Post a Comment