Sunday, 8 March 2015

වනස්පති වෘක්ෂය



තවම නුඹ සීරුවෙන්
වනස්පති වෘක්ෂය....
ඇද වැටෙනු නොහැකිව
සිටිනුයෙද ශෝකයෙන්...

මහා පාලුව මැද 
හුදෙකලාවම නුඹ....
ගිලන් වී දිරා ගිය
කයෙන් විපරම් කරන්නේ...
මියගිය අතීතයද....
නුඹ ලගින් හුන්..දැවැන්ත අතුපතර විදහූ
එක රුකක් වත්
නැහැ නෙවෙද අද සමීපයෙන්....
මහපොලොව වැළඳගන්නට
බලා සිටිනුයෙද නුඹ
සෙනෙහසින් ආදරෙන්..

No comments:

Post a Comment