Friday, 20 March 2015

ලෝකයම මිරිඟුවද මේ..


හිමි උනා නම් 
අහිමි වීමද එතැනමයි...
සිනහ වී නම්
කඳුල සුසුමද රැගෙන එයි..

එක් උනා නම් 
වියෝ වීමද පැන නැගෙයි
ඉපදුනා නම් 
මරණයද ඒ තුලම වෙයි...
දැහැන් බිඳ බිඳ
සමවතක කිම
ඔහේ කාලය යයි මැකී
ලවන් තෙම තෙම
ගලන කඳුලක
අරුත කිම යැයි නොම දැනේ....
අහස තරමට 
විසල් ලෝකය
තැනූ සිතිවිලි සිතෙක වේ
සිතම පමණයි
පිටත හිස් වුනු
ලෝකයම මිරිඟුවද මේ..

No comments:

Post a Comment