Friday, 20 March 2015

සහන් එළියෙන් අඳුර අඳුර ගැලුවා මැයි...


බොහෝ වේගෙන් හමා එන්නේ
චන්ඩ මාරුත වෙස් බඳින්නේ
බොහෝ කල් මඳනලම වූ දේ මයි....
කයම සිපගත් සිනිඳු මදනල මයි....


දුකට එක් වී සුසුම් හෙලුවේ
ඉකිබඳින විට එක්ව හැඬුවේ
නැගෙන රළ පෙල රුදුරු වූවා මැයි
චන්ඩ රළ පෙල උමතු වූවා මැයි....

නහර වැල් තුල දසත දුවමින්
ප්‍රබෝධය තුල කයම තබමින්
ගලන රුධිරය කුපිත වූවා මැයි
කයම නසමින් රුහිරු ඇවිලේමයි..

සිතන සිතිවිලි සිතට සුවයක්
ගෙනෙන අරමුනු සහන් එළියක්
කිලිටි වන්නට අසුරු සැන ඇති
සහන් එළියෙන් අඳුර අඳුර ගැලුවා මැයි...

No comments:

Post a Comment