Friday, 20 March 2015

දිනෙක මම මියැදෙම්



රාත්‍රිය නොපවතියි
ගෙවි ගෙවී දියව යයි...
ගංගාවට උඩින් 
කඳුමුඳුන සිට හිරු එබෙයි...

එවිට මම අවදි වෙමි...
දිවා කල නොපවතියි
ගෙවි ගෙවී හිරු ගිලෙයි
ගංගාවට උඩින් 
කඳු මුදුන සිට සඳු එබෙයි..
එවිට මම වැතිර ගමි...
කල දවසද ගෙවෙයි
දිනෙක මම මියැදෙම්
සුසානය ඉහළින්
හිරු ගෙවෙයි සඳු එබෙයි
සඳු ගෙවෙයි හිරු එබෙයි...
මතු යම් දිනයකදි
හිරු සඳුද අළු දුහුවිලි වී
අඳුර පමනක් ගලයි...

No comments:

Post a Comment