Sunday, 8 March 2015

බලා උන්නත් කිමද නැහැ සසර නිමවෙලා...

හැමදාම ඉර වැටෙන ගල්තලාවට වෙලා
හැමදාම සමුගන්න ඉර දිහා බල බලා
හැමදාම සඳ එයිද නෙත් කෙවෙනි පිහ පිහා
බලා උන්නත් කිමද නැහැ සසර නිමවෙලා...


මහමැදුරු රන්රිදී නැහැ කොතැන සඟවලා
බුමුතුරුණු කසීසළු මිරිවැඩිද ගලවලා
කසාවත කය වටා දවටලා පොරවලා
මේ දුගී ලැගුම් ගෙය සරසවිය ලෙස සිතා....

ගල්තලාවම නිබඳ කියා දෙයි ජීවිතය
ජීවිතය කියා දෙයි සැබෑ අර්ථය නිබඳ
නිබඳව ගලා යයි දහම් ගඟ පිවිතුරුව
තොටමුණ ඔබම වෙයි ගුරුපියාණනි හැමට

1 comment: