Friday, 20 March 2015

කාලවළා රුව



කාලවළා රුව 
දෑස වසාවිද
මෑත කිසිත් නැති
බව නොදැනේවිද
ඈත සොඳුරු යැයි
තවම හිතාගෙන
කාල යානයක් සිතින් පැතූවද....


චන්ඩ මාරුතය
හමනු ඇසේවිද
විදුරවියක හැඩ
නිමේෂයක් බව
ගුගුරන අහසටවත් නොදැනේවිද....

අහස ඉරාගෙන
කවුරුන් ඒවිද
ආවත් කිසිවකු
නිබඳ රැඳේවිද
දෙබැම සැලෙන බවවත් නොදැනේවිද...

No comments:

Post a Comment