Saturday, 17 January 2015

මා දෙපයට සවි දුන්නත්


මහා දුකක රැඳුනු ලොවක
සැබෑ අරුත පෙන් වූ.......
සිහින ලොවක දැවටුනු සිත
සැබෑ ලොවට කැන්දූ......

වැටෙන වැටෙන හැම වාරෙන
දෙපයින් සිට රැන්දූ.........
නමදින්නට ඔබේ දෙපා
වඳින විටදි දුටිමි.................. 
සිපගන්නට ඔබේ දෙපා
බලන විටදි දිටිමි..................
මා දෙපයට සවි දුන්නත්
ඔබට දෙපා අහිමි.......

No comments:

Post a Comment