Tuesday, 16 December 2014

පහන් කණුව මුල අඳුරුයි



පහන් කණුව මුල අඳුරුයි
ඔබේ නමින්...දැල්වූවද...
ඔබට සෙනෙහසේ..උණුසුම හැමුවට...
පහන් කණුව මුල අඳුරුයි...


නියඟය දුරුකල මඳපවනක ආ
සීතල වැහි බින්දු.....
කාල වළාවක වියරුව නැගුනද
මාරුතයක් වන් වූ....
දෙගොඩ තලන සැඩ ගංවතුරක් වී
දෑලවරම බිඳවූ........
අඳුර නසන්නට කෙලෙසක දල්වමි
තවමත් වැහි බින්දූ.....

සඳකත්මිණ නැති අඩ සඳ පලුවේ
සඳ සාවුන් කොහෙදෝ...
හැපෙන බිඳෙන දල රල රැලි දහරේ
නැලවිල්ලක් කොහෙදෝ..
නොපෙනෙන දෑසට මග තොට කියනා
පහන් තරුව කොහෙදෝ....
දෑසම තිබුනත් අඳ බව තිර නම්
පහන් එළිය කිමදෝ.......

1 comment: