Tuesday, 16 December 2014

සලා අත්තටු



සලා අත්තටු 
පියාඹා ගොස්
තුටින් වැතිරී වළා යහනේ
සොයා සිත කය
නිවා සනසන
සුයාමය ලඟ ජීවිතේ....


නෙතින් අඩවන්
සුව දැහැන් වැද
පිපී මල් සයනය පුරා
නිදා සිටියත්
අසුරු සැනකින්
මාරුතය කැළඹී ගියා......

බලා උන්නත්
පහව නොගිහින්
වළා යහනම බිඳ දමා
සුනු විසුනු කල 
නිවී සැනසුම
මාරුතය ලඟ වැලපෙනා.....

No comments:

Post a Comment