Tuesday, 16 December 2014

මගේ තනියට


මගේ තනියට
නෙතු අද්දරට වී හෝ
නුඹ සිටිතැයි කියා
මම සිතා උන්නත්....
නුඹද........

නෙත් කෙවෙණියෙන් බැස
කොපුල් තලාවෙන්
පොළොවට වැද
නොපෙනී ගිය සඳ....
මම හුදෙකලා වූ බව
දැනගතිමි.....

No comments:

Post a Comment