Wednesday, 26 November 2014

දුරයි අහස යයි ඉහළට

දුරයි අහස යයි ඉහළට
දෑත දිගුකලත් බැහැ මට
නෙලන්න විසිතුරු තරු කැට
දෝත පුරා දරාගන්න.....


තෙතයි පොලොව බොල් පිනිකැට
වැතිරෙන්නට බැහැ එහි මට
වැතිර ඉඳන් දුර අහසට
දෑස අයා බලා ඉන්න.......

සැඩයි සුළඟ මා වටකර
සිතන්න බැහැ මොහොතක් මට
සිතන සිතන හැම සිතිවිලි
සැඩ සුළඟට යයි විසිර.......

කිමැයි නින්ද නෑවිත් ලඟ
ගෙයි දොරකඩ නතර වෙන්නෙ
තදින් පියාගත් පියවිලි
ඇයි මෙතරම් තෙමී යන්නෙ..

No comments:

Post a Comment