Wednesday, 26 November 2014

තනිකම ලඟ හිඳී.......


සැලී සැලී මඳ පවනට
සිලිලාරය දෙයි අතු ඉති
දැනී දැනී නෙත කඳුලක
ඉකිබිඳුමක් සේ........


සඳ බොඳ වෙයි හිමිදිරියේ 
දැනී දුකට වෙලී
හිරු ඇවිලෙයි සැන්දෑවේ
වෙලුනු දුකට වැටී
අත පොවනා ඉස්මත්තේ
කටුක දුකම දැනී
තුන්තිස් පැය ගෙවෙන තුරා
තනිකම ලඟ හිඳී.......

සතුටු සිනා මිරිඟුවක්ය
අසුරු සැනක් මෙනි
සොලොස් සඳට මුවා ව එන
අමාවකක් වැනි
සදා තිබෙන නොපෙනෙන දුක
මහ පොලොවක් වැනි
දුක මතමයි පා තබන්නෙ
ගිනිමැලයක් වැනි......

No comments:

Post a Comment