Monday, 24 November 2014

සඳ එබෙයි උරහිසට

දුරු රටට පෑයුවට
අහස කෙතරම් ලොකුද
පෝය දා පැමිනි කල
සඳ එබෙයි වැව් තෙරට....


සදා හිම සුදු වතට
මුවා උනු කඳු පෙලට
වැහී නොපෙනී ගොසින්
සඳ එබෙයි පැල තුලට...

නිමාවක් නැති සිතම
අහසක්ය වෙයි සසල
විඩාවක් නැති පතල
සද එබෙයි පිල් කඩට...

නාඳුනන බස් ඇසෙන
නුහුරු නුපුරුදු දෙසක
සිට ඇවිත් හුරු ලෙසට
සඳ එබෙයි උරහිසට.....


No comments:

Post a Comment