Tuesday, 28 October 2014

රැයම දිගයි


සරතැස දැනෙයි 
ගිනියම් ඉර මද්දහනේ...
ගිමන දැනෙයි
නොනිමෙන දිගු මේ ගමනේ..
රැයම දිගයි
නිදි නැති නෙතුපිය සැලුනේ
සසර දුකයි
මේ දුක නොදැනෙන අරුමේ...


නෙතට දුකයි
නෙත් මානෙට නොආවම..
කණට දුකයි
වදනක් හෝ නෑසීම.....
කයට දුකයි
සැප පහසක් නොලැබීම
සිතට දුකයි
සිත්ගත් දෙය නැතිවීම.....

විඩා ගෙනෙයි 
මඳනල නෑ මෙහි එන්නේ
හැඟුම් බරයි
සිත නැහැ එකතැන් වෙන්නේ
පිපාසිතයි
දෙතොලග නැහැ තෙත් වෙන්නේ
ඇති වී නැහැ
තව තව සොයමින් යන්නේ....



2 comments: