Monday, 27 October 2014

මුසා කියන තොල් පෙති මත හාදු තියන්....



දිය මත ඇන්ද ඉරි දිය මත ‍
දියවෙනවා...
අහසේ ඇඳුනු දේදුන්නත්
සේදෙනවා...
අතු අග පිපුනු මල් පෙති හැම
පරවෙනවා....
දිවුරා කිව්ව බොහො දේවල්
බොරු වෙනවා...


මුසා කියන තොල් පෙති මත
හාදු තියන්....
තබා කටුක දුක මදනල 
පලා ගිහින්
නොබා ඉන්නෙ කොහොමැයි 
නුඹ සිතේ දරන්...
පබාවතිද  කුස නිරිඳුද
කලේ රැඟුම්...........

සොකරි නටන කමතක රෑ
එලිවෙනවා...
ලපටි මිරිස් ගිනිඅව්වේ
වියැලෙනවා...
වාන් ඇරපු වැව් දිය කඳ
ඉගිලෙනවා.....
පිදුව සෙනෙහෙ කනපිටටම
පෙරලෙනවා..




No comments:

Post a Comment