Saturday, 6 September 2014

දොස නෑ ඒ උනත් රජකම ලැබ ගන්න


සැඩ ගංවතුර නවතා බැඳි 
අමුණු බැමි
මැද නතරව දියසුළි මැඩ
ගියද දැමී
වැද මහ මේඝයක් අවුදින්
දෙගොඩ කැඩී
බැඳි බැමි කඩා ගෙන විසුනුව
ගියා මෙනි...


මුල මැද අග නොපෙනෙන මහ සංසාරේ
දිගු ගමනක් එහෙ මෙහෙ යන එන වාරේ
කොපමන වරක් හමුවී වෙන් උන වේලේ
මෙපමණවත් විඳිදුක් හැම දැන් තේරේ

සිනහසුනේ දෙනෙතට කඳුළු පුරවන්න
සුරතල් උනේ දැඩි වෙන විට රිදවන්න
ලං ලංවෙලා හිටියෙම දිනෙක වෙන්වන්න
දොස නෑ ඒ උනත් රජකම ලැබ ගන්න....

No comments:

Post a Comment