Sunday, 28 September 2014

නවතනු කෙලෙස ජීවිතයේ ගංවතුර....


සරතැස නිවේවිද වැටෙනා
වැසි දියරෙන්....
ගමනේ වෙහෙස නැතිවේවිද
රුක් සෙවනින්
හදවත ගැහෙන රාවය ඇසුනිද
කොතැනින්
එතැනින් ඇද හැලේවිද 
සෙනෙහස් ගඟුලැල්....

මුතුපිණි සල සලා තණපත්
හිනැහෙනවා..
හිරු මුව බල බලා මුතු පිනි
වියැකෙනවා..
අඩ අඳුරට ඉඩදී හිරු 
සැඟවෙනවා
සැඟවී හඬන සිත එතකොට
ලතවෙනවා.....

කරපින්නා ගෙන අවුදින් 
සොලොස් සඳ
එක තැන නතර නොම හිඳ යයි
අවරටම
පහන්සිළු දැවී අවුදින් 
රෑ අඳුර
නවතනු කෙලෙස ජීවිතයේ
ගංවතුර....

No comments:

Post a Comment