Sunday, 21 September 2014

ඉපදුනා නම් ඉපදුනේ



ඉපදුනා නම් ඉපදුනේ
හැම විටම දුක විතරමයි...
පැතුව නම් යම් පැතීමක්
පතා ඇත්තේ දුකක් මයි..


බිජු වට වපුරා සෙවන සලසලා
දිය ඇද පොහොරෙන් උපද්දලා
පීදුනු අතු අග මල් දැක තුටු මුව
පරවෙන දා ඉකිබිඳුම් නගන්නේ...
දුකට කැමති වූ හින්දයි.....

නොනිමෙනා ගිනි නොදකිනා
හිමගිර සේ එහි සැතපෙනා
ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යැයි සිතනා කකුළුව සේ
දුකටම වැටිලයි තුටු වෙන්නේ...

දිවිය විකුණමින් රැස් කරනා දෙය
ගුනදම් මකමින් පොදිබඳිනා දෙය
යම් දිනයක යම් මොහොතක දී 
අහිමිව හෝ මෙහි දමා යන්නේ
දුකටම වැටිලයි මිය යන්නේ........



No comments:

Post a Comment