Wednesday, 17 September 2014

කඩදාසි මල් ගිලිහි යන


දැවී යන රෑ දාවල
මිනී වල හාරද්දි
කෙළි කවට වදන් පිරි මල්වඩමෙ
කඩදාසි මල් ගිලිහි යන...

සියොතුන් ගයාවිද
හැමදාම එකම ගීතය
නරකෙස් මතුවෙද්දි
කුමට ආලේප විලේපන

සඟවන්න බැහැ නිතර
නැහැ මෙහි කිසිත් තිර
ජරාපත් වන සිරුර
නටඹුන් වුනු නුවර මෙන...

ගුන ගැයුම් අපමණයි
නිසංසල දෙන අසල
නොදුන්නට සැනසීම
චංචලව හිඳින සඳ..........



No comments:

Post a Comment