Wednesday, 3 September 2014

දෙනෙත් අයා බලා හිඳිමි


රටා මවන විදුලි එළිය
අහස්කුසේ වළාකුලේ
ඉකිබිඳිනා සිත පත්ලට
එබී බලනවා.......
හදවත ඉරි තැලෙන සරින්
අකුණු තලනවා......


මන්දාරම් අඳුර මැදින්
පුරසාරම් බස් තෙපලන
සිරිපොද වැහි සරසරයට
නෙතඟ පිරෙනවා.....

මඩදිය ගෙන ගලා හැලෙන
වැහි දිය පිරි ඇල ඉවුරෙන්
පළඟැටියෙක් සිළු සොයමින්
හඬා වැටෙනවා.....

දෙබැම සැලෙන ගිගුරුම් හඬ
හිසට උඩින් පුපුරන විට
කීරි ගැහෙන සිතිවිලි සිත්
පුපුරා යනවා.....

වහින වැස්ස පායන තුරු
දෙනෙත් අයා බලා හිඳිමි
එක වැස්සක් තුරල් උනත්
තවත් වහිනවා...


No comments:

Post a Comment