Thursday, 28 August 2014

උඩඟු මල නුඹ


උඩඟු මල නුඹ පතුල බොරඋනු
විලෙක සසලව මදනලේ දැවටී
නැවත කොතැනක නතර වන්නට
බලා හුන්නත් දිනෙක යයි පරවී...


මඩ දියෙහි හිඳ දියෙන් මතුවී
හිරු එළිය ලද සැනින් පිබිදී
නොතැවරී මඩ පිපී දිලෙනා
සියපතක් සේ බලා හුන්නානම්..
නුඹයි ඒ මල මෙලොව පිපෙනා
උතුම් මල වන්නේ.......

කිරි දියෙන් දිය වෙන් කරන්නට
හැකිය උපතින් රන හසුන් හට
මිලින වන බව දනී නම් මතු
උඩඟ වන්නට කිමද වී උමතු
නුඹයි ඒ මල දිනෙක පරවෙන
කුමට ලතවෙන්නේ....

1 comment:

  1. ලස්සන කලු කෙල්ල.

    ReplyDelete