Saturday, 23 August 2014

ඇලීමක් නොමැති තැන දුකක් කෙලෙසක එයිද..



මල් සුවඳ නොමුසු වී දුක් සුසුම වෑහෙද්දි
පිපුනු මල් පෙති ලිහී පොලොව මත වැතිරෙද්දි
සදාකාලික යමක් ඇතැයි සිත රවටද්දි
කෙසේ දුක නිවේවිද බිඳුනු රළ විසිරෙද්දි.....


පැහැසරද පුන්සඳත් පෝය රැය එළඹෙත්දි
මලාණික කළුවරක් අමාවක මතුවෙද්දි
නවතන්ට නොහැකි කම සිතට දුක පිවිසෙත්දි
දුක ඇත්තෙ ලොවේ නොව ඇලුනු සිත පතුලෙමය...

දුකට ඇති එකම එක කරුන නම් බැඳීමය
බැඳුනු යම් දෙයක් වෙද එයම දුක නම් වේය..
බැඳෙන්නේ ලොවට නොව සිතේ ඇති ඇල්මටය
ඇලීමක් නොමැති තැන දුකක් කෙලෙසක එයිද..

2 comments:

  1. // ඇලීමක් නොමැති තැන දුකක් කෙලෙසක එයිද.. //
    රාහුලයෙක් උපන්නා බන්ඳනයක් ඇති වුණා - වගේ තමයි ! 

    ReplyDelete
  2. ඇත්ත ඇල්ම තමයි හැම දේකටම මුල..

    ReplyDelete