Monday, 18 August 2014

හිරු වැළපෙන සැන්දෑවේ


හිරු වැළපෙන සැන්දෑවේ
පහන් චිතක එළි දැල්වේ
නුඹ ගැන මතකයෙ දේහය
එහිම දැවෙනවා..
නුඹේ නමින් ලියූ කවක
කඳුළු හැලෙනවා....


දේදුනු ලඟ පාට පාට 
මාලගිරව් ඔමරි කරන
තරු වටකර කොවුලු කෙවිලි
ගීත ගයනවා.....
නුඹේ නමින් නෑසූ පෙම්
කවක් ඇසෙනවා...

කඳු ශිකරෙන් ගලා හැලෙන
දිය ඇල්ලේ විලාපයට
මීදුම් සළු පතන පුරා 
වැතිර නිදනවා.....
නුඹේ සුසුම් වල දැවටුනු
කුසුම් පිපෙනවා...




No comments:

Post a Comment