Monday, 7 July 2014

ඒ නුඹම මයි

 

වාලුකාවේ සිටියේ
ඒ නුඹම මයි.......
දිය පොදක් අතැතිව...


දෙතොලට ලං කල 
දියබිඳ හැලුවේ 
ඒ නුඹම මයි
පිපාසෙන් තොල් 
ගැහෙද්දී.....

සොය සොයා පිළිසරණක්
රුදුරු වන පෙත සරද්දී....
පාර කියනා තාරකාවක්
ඒ නුඹම මයි.....
මංමුලා වැල සේ
දෙපා මුල පැටලී.......

ගිලන් යහනේ වැතිර
ජීවිතය යදිද්දී
රිදුම් දෙන ඔසු ඉවත ලූ
ඒ නුඹම මයි....
මිහිරි රසැතිවු
හලාහල විෂ පෙව්වේ..

No comments:

Post a Comment