Sunday, 6 July 2014

පාර අසනා කෙනෙක් ගැන සිතමින්


බලා හුන්නෙමි....
සෙමින් සැඟවී ඇඟේ දැවටී
සැඳෑ කළුවර කවුළුවෙන් එයි..
මලෙක සෙවනැලි අඳුරු කරමින්
සැඳෑ හිරු සමුගෙන ගොහින්.....


මලානික එළි පහන් දල්වා
කණා මැදිරියො තුරු අගින් එයි
තුරු මුදුන් වල නිවි නිවී තරු
තුරුනු මැදියම දව දවා........

හිමගිරෙන් බැස හිමවතේ ඇවිදින්
පාර අසනා කෙනෙක්  ගැන සිතමින්
විවර කල දොර පියන ලඟ තනියෙන්
බලා සිටියත් අඳුර පමනයි ලගට එන්නේ...

කිමද සැමදා සතුට හැරදා
කියන්නට බැරි පාළුවම එන්නේ....
නොහඳුනනනා හිස් බවක් මිස
කොහේ කොතැනින් කෙලෙස නැත දන්නේ... 


1 comment:

  1. *
    පිදුම් ලැබිය යුතු
    නිසල හදින් දෙවියන්..

    නැගෙන සිනා හඬ
    මියුරු සවන් මැඩ
    පිදුම් ලැබිය යුතු
    නිසල හදින් දෙවියන්....

    අරුණළු පිනි දියෙන් දොවා
    සඳ කැළුමෙන් වියලා
    පුදන මලක් දෝතින්
    යදින යාතිකා
    සසලවු දෙතොල් මතින්....

    සිතින් විඳිය යුතු
    නිසල හදින් දෙවියන්...

    ReplyDelete