Tuesday, 29 July 2014

පිරුනි දැයි නොදනිම් පිරෙන පුරසඳ



පිරුනි දැයි නොදනිම් පිරෙන පුරසඳ
කඳුළු බිඳු වැනි බින්දු වැහි අහසේ..
විපුල මල් කැකුලක් පිපුනු මුත් 
විසුල පෙති යම් දිනෙක පාවෙයි 
විලේ විල් තලයේ.....


නොතිර දේදුනු ඇඳෙද්දී 
පතල නිල් දිගු අම්බරේ..
අව්ව වැස්සට පෙම් කලා නෙවැ
එහිම ඵලයක් මිසක දේදුන්නේ...

ගැඹුර නැති තැන ජලාසේ
පතුල නැති දිය ගලා යේ
රැඳෙන්නට ඉඩ නොමැති හින්දද
ගලා ගොස් එය වැටුනෙ මහමුහුදේ...

1 comment:

  1. *
    ලොවම නොදකින
    තනිව උසුලන
    බිඳී විසිරී නොමැති වූවත්
    විසිරුනැයි මදනලට පවසන...
    කුමට ලතැවුල්
    දුනිද සුළඟේ නොදැන යන මග
    බලා නුහුරට....
    සඳ කැළුම පමනයි සොයන්නේ
    කොඳ කුමුදු විල් දිය සැදී
    සැඟව සඳ කළු වලා අතරේ
    හඬන කුමුදට යවා කඳුලැල්....
    වියරු ගී ගැයුවාලු තරු හා....

    ReplyDelete