Monday, 28 July 2014

සඳලුතලා ගෙන සරසා



සෙත් පිරිතක් වේවී යැයි
සිතු තැන වස් කවියක් විය..
තුසිත භවන යැයි සිතු තැන
සතර අපා දුක පැවතින...

සතර දිගට එන මදනල
දෝත බදා වැළඳ ගතිමි
අතැඟිලි සුනු විසුනු කරන
මහා මේඝයක් ඇති විය...

පිණ්ඩපාතයෙන් සැනසී
ඉන්නට ගත් පාත්‍රයට
දිව්‍ය බොජුන් පුරනු නියා
ගොම රිටි කුනු කසල ලැබුනි..

පිදුරු සෙවිලි කල පැල්පත
දෙව් විමණක් වගෙයි සදා
සඳලුතලා ගෙන සරසා
පැල්පත සුනු විසුනු කලෙය...

මිහිරි සිහින රැය දැකලා
නිදිපැදුරෙන් පූදිනකොට
නිදිදෙව් දුව සැප වළඳා
අන්තිම ගමනට ගියාය...


4 comments:

  1. ‍ම‍ට ‍හි‍තෙ‍න ‍වි‍දි‍ය‍ට ‍ජී‍වි‍තේ ‍අ‍පි ‍හොඳ‍යි ‍සැ‍ප‍යි ‍කි‍ය‍ලා ‍අල්‍‍ලා‍ගන්‍‍න ‍දේ‍වල්‍ ‍ව‍ලින්‍ ‍අ‍පි ‍හි‍තු‍වා‍ට ‍සැ‍ප ‍ලැ‍බෙ‍න‍වා ‍ඉ‍ය‍ලා ‍ඒ ‍තු‍ල ‍සැ‍බෑ‍ව‍ට‍ම ‍සැ‍පක්‍ ‍නෑ , ‍ඒ ‍සැ‍ප‍යි ‍කි‍ය‍ලා ‍අල්‍‍ල‍ගන්‍‍න ‍දේ ‍හි‍තා ‍ගන්‍‍න ‍බැ‍රි ‍වි‍දි‍ය‍ට ‍දු‍කක්‍ ‍වෙ‍න‍වා . මිහිරි සිහින රැය දැකලා
    නිදිපැදුරෙන් පූදිනකොට
    නිදිදෙව් දුව සැප වළඳා
    අන්තිම ගමනට ගියාය...
    ‍මේ ‍කි‍යන්‍‍නේ ‍මො‍කක්‍‍ද ‍කි‍ය‍ලා ‍නම්‍ ‍හි‍තන්‍‍න ‍අ‍මා‍රු‍යි ,‍බො‍හො‍ම ‍අ‍පූ‍රු‍යි ‍ක‍වි ‍පෙ‍ල

    ReplyDelete
  2. *
    හඬන්නට දෑස් වල කඳුළු බිඳු නැති උනත්
    ඉකි ගසා සිත හඬයි නොනැවතී මේ දැනුත්
    කොහොම කොතැනද රිදුනෙ නොතේරෙයි මට තවත්
    පැනයකුත් පිලිතුරත් නැතිව නිහඬයි සිතත්....

    නිමල සුනිමල ලොවක් කිසි විටෙක නොපැවතේ
    සුනිල දිය දහර වුව යම් තැනෙක බොර වෙතේ
    ඉපිල හද සන්තොසින් හසරැල්ම නොනැවතේ
    අකුල කටු වුවද එහි රුව සුවඳ මල් වෙතේ....

    ණයට ගත් ජීවිතය දෙන දිනය ලං වෙද්දි
    මගට ගෙනියන දෙයක් නොමැති මුත් යයි ඇද්දි
    දුකට බර වෙලා සිත සිහිව නොමැකෙන සිද්දි
    මොකට පසු තැවෙන්නද ගෙවුනු කල නොම එද්දි......

    ReplyDelete
  3. ජීවිතයේ යථාර්තය හොදින් පසක් කර දෙන නිර්මාණයක් හරිම රසවත්.

    ජීවිතයේ සොඳුරු නවාතැනේ දුක සැපදෙක උරුම උනා
    ජීවන කම්කටොළු තුලින් යථාර්තයම පසක් කලා

    ReplyDelete
  4. Binol...ගොඩාක් ස්තුතියි කොමෙන්ටුවට.ඔව්..ජීවිත යථාර්ථය මෙයමයි.
    අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හැර සංස්කාර ධර්මවල නිත්‍ය සුඛ ආත්ම
    වශයෙන් ගන්නට කිසිවක් නැහැ. ඔබගේ දෙවන පුශ්නයට නම් මා පිළිතුරු
    දෙන්නේ කෙසේද?
    නිදිපැදුරෙන් පූදිනකොට
    නිදිදෙව් දුව සැප වළඳා
    අන්තිම ගමනට ගියාය...
    ‍මේ ‍කි‍යන්‍‍නේ ‍මො‍කක්‍‍ද ‍කි‍ය‍ලා ‍නම්‍ ‍හි‍තන්‍‍න ‍අ‍මා‍රු‍යි
    සිහින කියන්නේ පඤ්ච කාමයන් වලට. ඒවා නින්දේදී දුටු සිහින වගේයැයි
    බුදුරජාණන් වහන්සේ වදාලා තිබෙනවා.
    Anonymous....ගොඩාක් පින් පිළිතුරු කවියට. සිහියෙන් සහ වීරියෙන්
    ජීවිතය දෙස බලා සිටින විට ආශ්‍රව ධර්මයන් හඳුනාගන්න පුලුවන්. ඒතුල
    මම කියා යමෙක් සිටින තාක් දුකම හටගන්නවා.
    Pohana ponnamperuma..ඔබටත් ස්තුතියි ගොඩාක්ම. මගේ කවියෙන්
    ජීවිත යථාර්ථය පසක් වන දැනුනා නම් ඒක සතුටක්..ඉදිරියටත් මා දිරිමත් කරන්න..

    ReplyDelete