Thursday, 24 July 2014

විසිරෙන පෙති මත සිත තියා


විසිරෙන පෙති මත සිත තියා
විසිරෙන විසිරෙන තැන ගියා..
මිලිනව තැන තැන පරවෙවී
යන මල මෙන් සිත් මියැදිලා...

අතැඟිලි අතරින් ගිලිහිලා
හදවත තෙරපා රිදවලා
මේකුළු සමගින් පාවෙලා
විශ්වයෙ කොතැනක සැඟවිලා...

ඇසිපිය හෙලනා කල් ඇති
සහසක් සිත් මල් පූදිති
විදුරවි මෙන් ඇතිනැති වී යති
කෙලෙසක එය නතු කරගමී...

2 comments:

  1. *
    සසලවු බමරිඳු නොතකනා
    පිවිතුරු සුවඳට කම් නැතී
    නිසසල ඉඳුවර පුදුමවී
    තවමත් හිස් සිත්වම ඇතී....
    පෙති ගිලිහී මියැදෙන මලින්
    නැගෙනා සුසුමන් වල බරින්
    නොසිතන නොතකන රිදුමකින්
    පිරුනි විරාගී විරහවෙන්.

    ReplyDelete