Wednesday, 23 July 2014

ඇසිල්ලක් සොය සොයා


ඇසිල්ලක් සොය සොයා
ඇවිද්දේ නුඹද? මමද?
නැහැ සිතිවිලි පමනයි....
ඒ සිතිවිල්ලට කයක් නෑ
ඒ සිතිවිල්ලට සිතක් නෑ
ඒ තුල නුඹ මම කිසිවෙක් නෑ..

කවුරුවත් නූන දේ
යමෙකු වෙලා
යමෙකුට වෙලී
යමෙකුට ඇලී
යමෙකුට බැඳී...

සිතිවිල්ල පැවතුනා 
එහි උපන් සැපය විඳ විඳ...
සිතිවිල්ල නැවතුනා
එහි උපන් සැපය නතරව..
යමෙකු උනා යමෙකු නැති සිතිවිල්ලක
එහිම ගැටී..ඒ ගැටුමටම බැඳී
වෛර කලා යමෙකුට...

එපමණයි..
දිගු උනා සසර ගමනම
නොදැන..
සිතිවිල්ල මම නොවන බව..

4 comments:

  1. *
    සැඟව නොයමි..මුත්
    නොරැඳෙමි..යතාර්ථයෙහි
    මා නුදුටිමි මම ..එහෙත්
    දිටිමි නුඹ...
    සැබෑ නුවූ හෝ නොවන
    යමක් මෙ දියත නුවූවද
    වර්තමානය ශෝකාකුල
    කර නොගෙන සැබෑව සේ
    හැඳිනිය යුතුය .....
    ගිලුනිද මහ සයුර කරවටක්
    ඉදින් කුමට තැවෙනු බියව
    කඳුලට පෙම් නොකරාවි
    ඉඳින් හේ......

    එක්ටම් ගෙහි රැඳුනා වූ
    සිතිවිල්ලෙන් බැහැරව....

    ReplyDelete
  2. සිතුවිල්ලකට යන්න පුළුවන් දුර අපිට හිතා ගන්නවත් බෑ.. අපූරු අදහසක්..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔබ දෙදෙනාටම බොහෝ පින් කමෙන්ට් වලට

    ReplyDelete