Sunday, 20 July 2014

මරණයත් ඒ තුල තියේ....


කඳුළු එනවද සතුට ගැලුවම
වෙනද වාගෙම ඉකි ගසන්
සතුට තිබුනට කඳුළු බිඳුවට
සැඟව යන්නට නෑ ඉඩක්...

ඉරිතලා ගිය පොලොව හැමදා
රඳාවිද දුහුවිලි ගොඩක්
දෙගොඩ තලනා අනෝරා වැහි
වැටෙනු නොහැකිද යම් දිනක්...

කදෝපැනියන් දිලෙනු හැකිවෙද
සොලොස් සඳ පායන දිනේ...
එළිය වැටුනට ලොවම දිලුනද
අමාවක ගිලිහෙනු නොයේ....

වදන් සෙව්වට වදන් බිනුවට
මුනිවතත් ඒ ලඟ තියේ...
උපන් දා සිට දිවි ගෙවූවද
මරණයත් ඒ තුල තියේ....

3 comments:

  1. **
    සුසුම් පමණයි ඉතිරි කෙනෙකුට
    වෙනස් වී ඉර හඳ වුනත්
    උතුම් යයි ගනනය කරන්නට
    දෙයක් ඉතිරිව වෙද තවත්...

    මුලාවක් මිරිඟුවක් යයි දැන
    සසර මග ඉඳිවන විසල්
    මහා මාළිග සොයා යත් දන
    තිබෙද්දිත් උණුසුම් ගෙවල්.....

    අකල් වැසි පිනි පොදට නොතෙමී
    දිවෙනු කෙලෙසක සසර මගෙහී
    සියල් හැඬවුම් මැදින් නික්මී
    නිවෙනු දැක සුව නිවන් මගෙහී......

    ReplyDelete
  2. ඔබ දෙදෙනාටම ස්තුතියි

    ReplyDelete