Sunday, 13 July 2014

තම සිත ගැන විමසනු යෙහෙකී


රිය සක ලෝකයෙ 
ඔහේ ඇදෙද්දෙන්...
ලෝකය පෙරලී 
උඩු යටි වෙද්දෙන්....
දුර ගමනෙහි යන -තනිවම හැසිරෙන
තම සිත ගැන විමසනු යෙහෙකී
මහා විශ්වයෙහි මුලා නොවී.....

රජවරු සිහසුන් 
අරා සිටිත්දෙන්..
සිටුවරු රන්මසු 
පොදි බැඳ ගත්දෙන්
සේනාපති වරු 
යුධ වැද ගත්දෙන්
තම සිත ගැන විමසනු යෙහෙකී
මහා විශ්වයෙහි මුලා නොවී.....

ලොව සනසනු බැහැ
නිතොර පිපාසෙන්..
ලොවෙන් සතුට නැහැ
දුකෙන් පිරී යයි...
සෙනෙහස මෙහි නැහැ
බැඳුනු යදම් මයි
තම සිත ගැන විමසනු යෙහෙකී
මහා විශ්වයෙහි මුලා නොවී.....

2 comments:

  1. *
    වියැකී මලක් තව සහසක් පිබිදෙන්නේ
    මියැදී අයෙක් දහසක් යලි උපදින්නේ
    උරදී දුක සැපට සත් වග සැනහෙන්නේ
    පලදී සසර කල කම් අපි විඳවන්නේ....

    වරදක් වුවද නොතකයි මුදල් ඇති කලේ
    සතුටක් වෙද අතපසු වුව දිළිඳු වෙලේ
    දෙබලක් පුවක් ගසෙහිත් නැති කලෙහි බලේ
    සමතෙක් වෙද යවන උඩුගං , ගලන ජලේ...

    අට ලෝදහම මෙහෙමලු නිතර කැරකෙනා
    වට පවුරෙනුදු නැවතෙද සුළඟ දිව යනා
    යට කරනා කාලය හිරුගෙ ගමනිනා
    සිටවයි මං සළකුණු මතකෙ නොමැකෙනා.

    ReplyDelete
  2. හරිම අපූරුයි..ගොඩාක් ස්තුතියි

    ReplyDelete