Thursday, 5 June 2014

විසකටු ඇනී නොරිදුනු තැනුත්



විසකටු ඇනී නොරිදුනු තැනුත්
රිදුනි මල් පෙති තැවරිලා
මල්පෙති තරම් රිදවපු තැනක්
විසකටු වලින් නොඇනුනි ඉතින්..

වාළුකාවක කඨොර වැලිමත
ගිනි පිඹින තද සුළං රැල්ලට
පිනි පොදක් දැක ඇලුනු සිත
මායාව තුල ඇවිලී දැවී යයි....

දෙපා පොලොවෙහි නොරැඳි තරමට
අහස සුව බඹ ලොවක් යැයි දැක
තනා සිත තුල නිබඳ ලෝකය
එහිම ඉපදී මැරි මැරී යයි.........

දෙනෙත තුල ඇති වර්ණ ජාලයෙ
උපැස නෙත මත මවන රූ සිරි
සැබෑවක් නොව මැවීමක් ලෙස
දකින තුරු ගැටි ගැටී යයි කල.......


No comments:

Post a Comment