Sunday, 29 June 2014

ඔබ තුලම ඔබ


ඇසල සඳවත 
ඇහැල ගහ යට
සෙවන සොය සොය 
සැඟවිලා.....
ඔබ වගේමයි
ඔබ තුලම ඔබ
ඔබව සොය සොය 
වැළපුනා.......


ඇසල සඳවත දියෙහි දියවී
කැලති කැලතී පා වෙලා..
කැඩපතක් ලග නතර උනු ඔබ
ඔබම කවුදැයි විමසනා....

කැලති කැලතී පා උනේ
සඳ නොවෙයි සඳ බිම්බයයි
කැඩපතින් දුටු ඔබම ඔබ වෙද
ඔබ තුලම වැද රිදුම් දෙන්නේ...

ඇසල සඳ සේ ඔබ පෙනෙයි..
ඔබේ වත සේ සඳ පෙනෙයි...




1 comment:

  1. *
    සඳට පෙම් කල කදෝපැණියකු
    සඳේ සෙවනට රැවටිලා
    යලිත් නොලබන හමාගිය
    මදනලක සිසිලට පෙම්කලා......

    පුදසුනක රැඳි පහන් එලියක්
    ගන අඳුර ලඟ දැල්වුනා
    හුදකලාවක රැඳුන සුසුමක්
    නොදිලි එලියෙන් සැනසුනා...

    සඳට නොපෙනෙන ලොවට හසුවන
    ආවාට මතු වුනාදෙන්
    පවට නොනැමෙන පෙති සැලුන මල්
    පිපී පරවී ගියාදෙන්....

    සටහනක් තබන්නටම සිතෙන සං කල්පනා ඔබ තුමන්ගෙ...

    ReplyDelete