Saturday, 28 June 2014

සඳසාවිය සේ නුඹව පෙනෙයි මට



දුකයි මහේශිය...
නුඹ නැති පුරවර 
තවමත් හිරු සඳු නැග එනවා...
පාලුයි මෙහෙසිය
සඳළුතලාවම
තවමත් තරු මුතු දිලිසෙනවා....


සඳසාවිය සේ නුඹව පෙනෙයි මට
පුරා හඳේ පුර රවුම පුරා.....
සා පැටවුන් ලඟ ලොවේ ඈත කොන
නුඹ හිනැහෙන හඬ 
ඇසෙයි මගේ දෙසවන් දල්වා...

සුබෝධ සඳ නැග අරම පුරා විත්
එකම වරක් සිඹි සල් මලම සොයා..
පෑගුනු සල් පෙති සොවින් බලා හිද
අනන්තයට යාවිද මන්දා...

දෙගොඩ තලන ගඟ තාමත් තනිකඩ
දෑලවරෙන් යයි අස්වාමික වී
සසල උනත් සිත හදාගන්නට
තවම නොහැකිව ප්‍රවාහයක් වී
සොයයි නුඹ රුව සොයයි නුඹ හඩ
සයුරට ගඟ ඇද හැලෙනු නියා......

1 comment: