Saturday, 21 June 2014

කඳුල මෙතරම් ලබැඳිව...



වාලුකාවක නතරව
තුසර බිඳකුදු තරම
ඇයිද අද නුඹ අවදිව
කඳුල මෙතරම් ලබැඳිව...

ලයට තුරුලුව හිඳින
ගැහෙන පණනල සමග
ගයන නැලැවිලි සරින
නොවෙයි එය ඉකිබිඳුම....

නෙතඟ ඉපදෙනු බැරිව
නහරවැල් කකියවන
හිසෙහි ගිනි ඇවිලුවන
නුඹටමය එය උරුම.......

රතැසි නෙත් දියකරන
සුසුම් පොද හළු කරන
නුඹට එන්නට දොරකඩ
විවර කල යටගිය දවස....

පෙර ගැලූ ගං සිඳුන
පෙර වැරූ මල් හැලුන
ඉවුරු නැති ගං තොටින
යා නොහැක අද කඳුල....

සිඳී වෙන්වෙමු
යලි නොඑන්නට...


2 comments:

  1. *
    ලමැද සිදුරුව කකියද්දි
    නුඹ කොහොම සඟවන්නද
    නුඹේ බර මෙතරම්..ඒ රිදුම
    දරා ගන්නට බැරිවද...

    ඔසවා නොතැබුවා නම් ඉහලින්
    සෙනෙහස නොදෙන බව දැන
    කඳුල අදත් නුඹ
    නොසැලී හිඳි නෙත් යට.....

    අතැර නොයනු මිතුර
    මිහිදන් වෙනතුරුම
    මතු ගෙවෙන මොහොතකම
    ඇවැසිමය මට නුඹේ පිහිට...

    ReplyDelete
  2. නිර්නාමික සහෘදය ඔබට ස්තුතියි

    ReplyDelete