Friday, 20 June 2014

ජීවිතයම රැයම නොවෙයි



කඳු වැටියේ නිසංසලේ
සඳවතියේ සැනසුනාට
පිනි හැලෙනා තුරු මුදුනක
සුවපහසුව සැතපුනාට
සඳවතියේ..................
පළඳින නුඹෙ මල් දම හෙට
පරවෙන බව නොදැනුනාද....

නිරුවත් දෑසට පෙනෙනා
ලෝකය අඩ නෙත නොදකියි
නිරුවත් දෙපයට දැනෙනා
බොල්පිණි මිරිවැඩි නොදනියි
රස උල්පත මත කැන්දන
දුක් දියකඩ ගලා බසියි.........

නිශාචරය සොලොස් සඳම
ගෙට කැන්දූ පහණක් මෙන
ජීවිතයම රැයම නොවෙයි
සැඩ හිරු එනවිට සැඟවෙයි
මැටි පහණක දැල්වෙන සිළ
තෙල් සිඳි දා දැවී නිවෙයි.......

1 comment:

  1. *
    නිවෙනා තුරු පහන් සිළුව
    සුළඟේ නැලවෙමින් රඟයි
    දරා සිටින පහන් පතුල
    වෙත බැඳි පෙම ආත්මිකයි..

    ReplyDelete