Friday, 13 June 2014

නිරාමිසය තුල



දැහැනට සමවැද 
දෝතට ගත් සඳ
සිත දැක හිනැහෙනවා.....
වන අරනේ මැද
ගල් තල අතරේ
ජීවිතයම පෙනෙනා...

ආ මග ලෝ තුල 
තැබු පියවර හැම
දූවිලි වී යනවා....
ඒ දූවිල්ලෙන් 
ආ හැම සැප දුක
මිහිමත වැලලෙනවා...

සූවිසි වරුනින් 
දුටු සිත පිනවුනු
සතුට මැකී යනවා....
ඒ තුටු දියවී
උණු කඳුලක් මත
ආයුශ ක්ෂය වෙනවා.....

සාමිස ආශා
දැල්වුනු ගිනි මෙන
සියොලඟ ඇවිලෙනවා
ඒ ගිනි නිවනට
නිරාමිසය තුල
සිත කීකරු වෙනවා...



1 comment:

  1. *
    බණ දහමින් වැසුන
    නුඹේ සිත් සෙවනැල්ල
    දැකගන්න විරිය මදි උනා
    පින් මද කමට...

    හමා යන මද පවන
    නවතන්න නොහැකි කම
    වටහ ගෙන වෙර දැරී
    සිටි තැනම නවතින්න...

    සුනු විසුනු කරගෙන
    හමා යලි ප්‍රවාහය
    මතුකලේ සොදා පාළුවට ගිය
    වියරු වාළුකාවක් පමනයි...

    සදාහරිත තෝතැන්නකට
    පිවිසෙනු නොහැකිමය යලි
    යනවා විනා සංසාර මාරුතය
    හමනා දිසාවට
    නවතින තැනක නවතින්න....

    ReplyDelete