Monday, 12 May 2014

සැලෙයි ඉඳුවර ....ගලන කඳුළු..


සිනාසෙන සඳ කඳුළු වගුරා
දිලෙයි තරුකැට දෙනෙත් උතුරා
කුමට හැඬුවෙද සිනාසුනෙහිද
කෙසේ කියමිද නුඹත් නොදැනා...

විටෙක සැලුනා නාදළු
විටෙක දිලුනා මුතු සිළු
බලන්නට බැරි නෙත්කළු
දරාගන්නට..... බැරිම කඳුළු

සිඹින්නට බෑ විෂකටු
නටුව අග පිපි මල් පෙති
නොසිප බැරි සිත මුරන්ඩූ
සැලෙයි ඉඳුවර ....ගලන කඳුළු..

No comments:

Post a Comment