Monday, 12 May 2014

සිතිවිලි සිපිරි ගෙයින් නික්මී


නටු නොපෙනෙන මැදියම් රැ අඳුරේ
මල් පිපෙනා යුරු කෙලෙස දකින්නේ
එනමුත් නොපෙනී සුපුරුදු සුවඳක්
කොහෙදෝ ඈත ඉඳන් පැමිනෙන්නේ....

තරු නැති අහසේ මීදුම් සළුවෙන්
අඩසඳ වටකර වියන් බඳින්නේ
කණාමැදිරි එලි විලක්කු දල්වා
සිතිවිලි සිපිරි ගෙයින් නික්මී
පලා යන්ට බෑ..... විලංගු ලා......

නිදි නැති දෙනුවර සුසුම් හෙලන්නේ
මඳ පවනක් හෝ නැතැයි සිතා
තත් බිදුනා සේ වීනා නිසලයි
ගැයූ ගැයූ ගී තුන්යම සසලයි
සැතපෙන්නට බෑ......දෙනෙත පියා....

No comments:

Post a Comment